
Poorna ❤️
Inspired by 李子柒 Liziqi ❤🍃
නාරං,පැණි දොඩම් සහ ලෙමන් මේ හැමදේම අයිති වෙන්නේ Rutaceae කියන පවුලට..මේ නම් ටික කිවුව ගමන්ම අපේ හිතට එන්නේ ඇඹුල් ගතිය මිශ්‍ර උන ආම්ලික රසයක් නේද?එහෙම වෙන්න හේතුව තමයි මේවයෙ තියෙන සිට්‍රික් කියන අම්ලය..බඩේ අජීර්ණයක් ඇති උන ගමන් අපේ වැඩිහිටි උදවිය දෙන මුල්ම උපදෙස දෙහි ඉස්ම ටිකකට වතුර දාල බොන්න කියන එක..දෙහි වල මං කලින් සදහන් කරපු සිට්‍රික් අම්ලය බහුලව අඩංගු වෙනවා.ඉතිං දෙහි වගේම නාරං,ලෙමන් සහ පැනි දොඩම් වලිනුත් අමාශගත රෝග වලට සුවයක් ලබා දෙනවා..ඒ වගේම ශරීරයේ අපද්‍රව්‍ය බැහැර කිරීමටත්,සමේ ඇති වන බිබිලි කැසීම හා ආසාත්මිකතා වලටත් ගොඩක් හොදයි..ඒ වගේම හිසකෙස් වර්ධනයටත් මේ පලතුරු උදවු වෙනවා.
පැණි දොඩම් වලින් හදන බීම එක ලෙඩෙකුට උනත් ඉතාම ගුනදායකයි.ඒ වගේම ප්‍රතිශක්තිකරණ පද්ධතිය වර්ධනයට සහ මනා ක්‍රියාකාරිත්වයට උදවු වෙනවා.කැස්ස,බ්‍රොන්කයිටිස්,දියවැඩියාව,හදවත් රෝග,අක්මා රෝග වගේම මැලේරියා රෝගය සදහාත් ගුනදායක මේ පලතුරු වර්ග වල විටමින් C ඇතුළු බොහොමයක් විටමින් වර්ග අඩංගු වෙනවා.මේ දිනවල පවතින කොරෝනා වසංගතයෙන් ඇති වන බලපෑම අවම කරගන්න විටමින් C භාවිතා කරන්න කියලා ඩොක්ටර්ස් ල නිතරම උපදෙස් දෙන බව ඔයාලා දන්නවානෙ..මේ තියෙන්නෙ ස්වාභාවික විටමින් C ගන්න පුලුවන් ලේසිම ක්‍රම..ස්වාභාවධර්මයෙන් අපිට දීපු තෑගි.ඉතිං මං ඔයාලට නිතරම මතක් කරනව වගේ ස්වාභාවධර්මයට තව තවත් ලං වෙන්න , ආදරය කරන්න .. උතුම් මනුශ්‍යයෙක් විදිහට මේ කෙටි ජීවිතය ගතකරමු🙂
ඔයාල හැමෝටම තෙරුවන් සරණයි 🙏
පූර්ණා ❤️🍃🍃🍃🍃🍃🍃🌿🌿🌿🌿
#lemon#villagefood#srilankanfood#villagegirl#villagelife#countrylife#countrygirl#villagefamily#srilankantraditionalfood#srilankanculture#srilankanvillage#countrygirl#foodintraditionalsrilanka#traditionalfoodmaking#villagesidegirl#villagerecipe#poorna#mindrelaxing#howto#cooking#foodrecipe#homemade#Meditation#mindrelaxingvideo#calm#calmvideo#cookingvideo#village#countrysidegirl#countrygirl#countrygirl#AsianVillagelife#sour#sourrecipe#lemonjuice#sourcake#lemoncake#lemon#sweetlemon#cake#usesofsour