
Inspired by 李子柒 Liziqi ❤🍃
මුං ඇට....☘️☘️
අද විඩියෝව නැරඹීම තුලින් ඔයාලා මුං පිළිබදව බොහෝ කරුණු දැනගන්නට ඇති කියලා මම හිතනවා.අතීතයේ ඉදලම අපේ රට පෙරදිග ධාන්‍යාගාරය නමින් හැදින්වුනේ නිකන්ම නෙවෙයි.ඉස්ස අපේ රට ස්වයංපෝෂිත රටක්.ඇත්තම කියනවනම් අපේ රටේ නැති දෙයක් නෑ ඒ කාලේ.අපිට ඕන හැමදේම අපි ලග තිබුනා.ඒ අතර සහල්,ධාන්‍ය කියන්නෙ ප්‍රධානම දේවල් වලින් එකක්.අපේ රටේ ප්‍රධාන ආහාරය බත් උනත්, ධාන්‍යය අල බතල වලටත් ගැමි බත් පතෙ හිමිවුනේ බත් වලට නොදෙවෙනි තැනක්.ඉස්සර මිනිස්සු නීරෝගීව ජවසම්පන්නව හිටියෙත් ඔවුන්ගේ ආහාර රටාව අදට වඩා බොහෝ සෙයින්ම ගුණාත්මක වූ නිසයි.ඉතිං මේ මුං ඇට කියන්නෙත් ඒ කාලේ ඉදන් අද වනතුරුත් ඉතාමත් ඉහල පෝෂන ගුණයෙන් යුතු බව පිළිගන්නා ධාන්‍යය වර්ගයක්.සාමාන්‍යයෙන් මුං වලින් ඵලදාව ලබාගන්න මාස දෙකහමාරක් පමණ ගතවෙනවා.මුං වගාව ප්‍රධාන ජීවනෝපාය මාර්ගය කරගත් සුලු පිරිසක් අපේ රටේ සිටිනවා.ඔවුන් මේවා වගාකරන්නේ අක්කර ගනන්.ඉතා ලොකූ භූමි ප්‍රදේශ වල.නමුත් අපිටත් ඉඩ තියෙන විදියට අපෙ ගෙවත්තේ මුං වගාව කරන්න පුලුවන්.එදිනෙදා ආහාර සකසා ගැනීමට හොදටම ප්‍රමාණවත්.මම මුං වගා කරේ 2020 මැයි මාසයේ.තාත්තගේ කුරුදු වගාවේ පැල තාම පොඩියි.මට හිතුනා අඩුකාලෙකින් ඵලදාවත් ගන්න පුලුවන් නිසා කුරුදු පැල අතරමැද මුං පාත්ති දාන්න.ඇත්තටම ඒ ක්‍රමය සාර්ථක උනා.මට ජූලි වෙද්දි ඵලදාවත් ලැබුනා.තමන් හිටවපු දේක ඵලදාව තමන්ම නෙලනකොට දැනෙන සතුට මට වචනයෙන් විස්තර කරන්නනම් අමාරුයි..💛 අපි දන්නවා රනිල භොග කියන්නේ ඉතාමත් හොද ප්‍රෝටීන ප්‍රමාණයක් අඩංගුවෙලා තියෙන ශාක විශේෂයක්.ඒ අතරින් මුංඇට ප්‍රධාන තැනක් හිමිකරගන්නවා.නිතර මුංඇට ආහාරයට එකතු කර ගැනීම තුලින් හොද ප්‍රතිශක්තිකරණයක් ශරීරය තුල පවත්වාගන්න වගේම ශරීරය වර්ධනයටත් උපකාරී කරගන්නට පුලුවන්.විශේෂයෙන්ම පැල මුං කුඩා දරුවන්ට වගේම වැඩිහිටියන්ටත් ඉතාමත් ගුණයි.මුං කිරිබත්,මුං අතිරස,මුං කැවුම්... කිවුවගමන් කට්ටියට මතක් වෙන්නේ අපේ සිංහල අලුත් අවුරුදු කාලේ නේද?මුං අතිරස වලින් එන මුං සුවදට මමනම් හරිම ආසයි..😍 ඉතිං මම මේ විඩීයෝවෙන් මුං යොදාගන කරන කෑම වර්ග කිහිපයක් ඔයාලා වෙත ගෙන එනවා.මුං කිරි, මුං නූඩ්ල්ස්, මුං මස්, මුං අතිරස, කිතුල් හකුරු කජු ඒම දාපු මුං තල කිරිබත්...😍 ඒ සියල්ලම ඔයාලත් පිළියෙළ කරලා රස වගේම ගුණාත්මක බවත් අත්විදින්න කියලා මං ආදරයෙන් ඉල්ලීම් කරනවා.ඉතිං වෙනදා වගේම අදත් මං ඔයාලගෙන් ඉල්ලනවා..සොබාදහමට තව තවත් ලංවෙන්න..උතුම් මනුෂ්‍යයෙක් විදියට මේ කෙටි ජීවිතය ගතකර නික්ම යන්න..♥️තෙරුවන් සරණයි...!!!ඔයාලගේ ආදරණීය පූර්ණා ♥️
#PoornaThenaturegirl#Traditionalgirl#Srilankanfood#villagefood#villagelife#vilagestories#meditation#relaxing#mindrelaxing#mungbean#vegetarian#vegetarianfood#srilankanvillage#villagefamily