
Including Ancient *_neela raktha_* tea, using these two herbal flowers.I made a meal which is preferred by all of us which is tasty and healthy, 𝙬𝙖𝙞𝙧𝙖𝙢 𝙛𝙡𝙤𝙬𝙚𝙧𝙨 𝙩𝙝𝙤𝙨𝙖𝙞. Today i made a bit different 𝙎𝙖𝙢𝙗𝙖𝙧𝙬𝙖 which is not like the one which we all are used to. And also the dosai sambol looks different and has a sweet odour. Try it by yourselves when you all are free at home. All my family members tasted where i saw a very happy mood in their faces. Finally i made a delicious meal using watermelon, by pouring bee honey, applying whipping cream to the top and putting some fruits. I was much hungrier, but when i see my family eating with such a joy, my heart was filled with happiness.
So dear ones be careful these days. Always drink the things given by nature to protect us like ginger, coriander and venivalgata.
Blessings of the triple gem!!
Be careful.
Yours loving poorna ♥️
වීඩියෝ එක ගැන කියන්න කලින් මේ ටික කියල ඉන්න ඕන කියල හිතුනා, හැමෝම ගොඩක් පරිස්සමෙන් ඉන්න..කොහේ ගියත් mask දාගෙන යන්න අමතක කරන්න එපා...සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද හැමවෙලේම අනුගමනය කරල මේ පුන්චි රට කොවිඩ් වලින් තොර රටක් කරමු...❤🇱🇰
ඔන්න අද මුලින්ම අපේ පවුලෙ අලුත් සාමජිකයා ගැන කියල ඉන්නම්කො.එයාගේ නම 'මනී'.අපේ අම්මලගේ මහගෙදරට කිට්ටුව ඉන්න නැන්ද කෙනෙක්ගෙන් තමයි මට මනීව හම්බුනෙ.මායා නැති උන බව දැනගෙන තමයි ඒ නැන්දා මට මනීව ගෙනත් දුන්නේ.මනී කියන්නෙ මායාගෙ බාල සහෝදරියක්😍ඒ වගේම ඔයාලට කියන්න අමතක උනා.මායා නැති වෙලා ටික දවසකින් පොඩ්ඩත් අපිව දාලා ගියා.පොඩ්ඩා කියන්නෙත් මායාගෙම වැඩිමල් සහෝදරයෙක්.වීඩියෝ වල එයාලා හිටියෙ නැත්තෙ ඒ නිසයි😥
අම්මා නැතිවුන පුංචි පූස් පැටව් හතරදෙනෙකුත් මම හදනවා.එයාලවත් මම ඉදිරියෙදි ඔයාලට පෙන්වන්නම්කෝ..
🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
නිල් කටටොළු සහ වද මල් කියන්නේ ඖෂදීය ගුන වලින් පිරුන මල් කියල ඔයාලා හැමෝම දන්නවනේ.මේ මල් වර්ග දෙක භාවිතා කරල ගුණදායක තේ හදනවා.ඔන්න අද අපේ අම්මා පාරම්පරික නීල රක්ත තේ එකක් කෑම මේසෙට ගෙනාව.අම්මට හිතෙන්න ඇති දුවට උදවු කරන්න..😁
පාරම්පරික නීල රක්ත තේ එකට අමතරව මේ මල් වර්ග දෙක පාවිච්චි කරල ලස්සන ඒ වගේම රස ගුණ පිරුන අපි හැමෝම කන්න කැමති කෑමක් තමයි මං හැදුවේ.වයිරම් මල් තෝසෙ.හරිම ලස්සනයි.සාම්ප්‍රදායික සාම්බාරුව වෙනුවට මං අද හැදුවේ ටිකක් වෙනස් සම්බාරුවක්.ඒ වගේම තෝසෙ සම්බෝලෙත් ටිකක් වෙනස් වගේම පුදුම සුවඳයි.ඇත්තමයි.ඒක ඔයාලත් වෙලාවක හදලම බලන්න.ගෙදර අය හැමෝම පුදුම ආසාවෙන් කෑවා.අන්තිමට මම කොමඩු කෑලි කපලා ඒකට උඩින් මී පැණි දාපු විපින් ක්‍රිම් ගලා පලතුරු දාලා හරිම රස වගේම ලස්සන අතුරුපසකුත් කෑම මේසයට අරගන ආවා.හොදටම බඩගින්නේ මාත් හිටියේ.ඒත් අනිත් අය ආසාවෙන් කනවා දැක්කම ඒ සතුටින්ම මගේ හිත පිරුනා...♥️
ඉතිං ආදරණීය ඔයාලා හැමෝම මේ දවස්වල පරිස්සමෙන් ඉන්න.නිතරම ඉගුරු කොත්තමල්ලි වෙනිවැල්ගැට වගේ අපිව ආරක්ෂා කරන්න සොබාදහම දීපු දේවල්ම පානය කරන්න.එකිනෙකා ගැන හොයලා බලන්න.සොබාදහමට තවත් ලංවෙන්න.උතුම් කෙනෙක් ලෙස මේ කෙටි ජීවිතය ගත කරන්න.
තෙරුවන් සරණයි..!!
පරිස්සමෙන් ඉන්න.
ඔයාලගේ ආදරණීය පූර්ණා♥️
#Srilankanfood#village#villagegirlcooking#dosai#sambar#sambol