The amazing taste in august |rambai|gaduguda| ගඩුගුඩා එක්ක වට්ටක්කා..? |Poorna - The nature girl |

Просмотров: 2, 504, 918   |   Загружено: 4 год.
icon
Poorna - The nature girl
icon
31, 613
icon
Скачать
iconПодробнее о видео
Rambai (known as Gaduguda in sri lanka)
It's the season for rambai in august.not only in the august but also you can find rambai through out the entire year.so today video is going to be related with rambai which is bit sour.most of the people throw away the bark after eating.don't do it anymore.you can make chutney.also can make a curry.smoke which is released when bark of rambai is burning can be use to chased away mosquitoes..U can make jam,chutney,drinks..etc by using rambai.making jam and chutney are the best ways to preserve rambai for off seasons.it gives you an amazing taste.There are two types of rambai.one is sour and one is sweet.rambai contains lot of amount of vitamin C.it gives you lot of healthy benifits such as control sugar level of the blood,improve vision,maintaining of healthy sking,defeat cancer cells,improve body immunization,help for digestion..etc.Nature has given us lot of things with out any cost.get closed to the nature.🌿May tripple gem bless you..!!


Your loving Poorna ♥️


Invite all of you to Join via Poorna - The nature girl official facebook page 🤗 ❤



ගඩුගුඩා කන්න ආස ළමයි කෝ.. 😍ඔන්න ඉතිං මුලින්ම කියන්න ඕන මමනම් ඇඹුල් ලෝලියෙක් තමයි.අගෝස්තු මාසය කියන්නේ ගඩුගුඩා වාරය නිසා අපි හිතුවා ඒකත් සම්බන්ධ කරලා ඔයාලා ගාවට එන්න ඕන කියලා.ඉතිං බොහෝදෙනා ගඩුගුඩා කාලා ලෙල්ල අහක දානවනේ.මීටපස්සෙනම් එහෙම කරන්න එපා හොදද?අපිට පුලුවන් ගඩුගුඩා ලෙලි කිරට උයන්න,තෙල් දාන්න,චට්නි හදන්න.ඒ වගේම මම අහලා තියෙනවා ඒ පොතු වේලලා පිළිස්සීම මගින් මදුරුවන් පලවාහරින්නටත් පුලුවන් කියලා.ගඩුගුඩා මදයත් නිකන්ම කනවා වෙනුවට චට්නි,අච්චාරු,ජෑම් වගේම රසවත් බීමක් විදියටත් අපිට ආහාරයට ගන්න පුලුවන්.වසරේ හැමදාම ඵල හට නොගන්නා නිසා මම කියපු විදියට මේ පලතුර කල්තබාගන්න පුලුවන්.ගඩුගුඩා කියන්නේ මලයාසියාවට සහ ඉන්දුනීසියාවට ආවේණික ශාකයක්.මේක අපෙ රටට හදුනවලා දීලානම් ගොඩක් කල්.මේ පළතුර තවමත් අපේ රටේනම් ආර්ථික බෝගයක් නෙවෙයි.ඒත් ගඩුගුඩා වාරෙට ගම්බදවපොලේ එහෙමනම් ගඩුගුඩා නිතර දකින්න පුලුවන්.ගඩුගුඩා ව්‍යාප්ත වෙන්නේ බීජ මගින්.ගඩුගුඩා ගහේ මල් පිපුණම හරිම ලස්සනයි..😍 ගහ පුරාම ගෙඩි හැදුනම ඊටත් වඩා ලස්සනයි..ඇත්තටම මට නිතරම හිතෙනවා මේ සොබාදහම කොයිතරම් පුදුමයිද..සුන්දරයිද කියලා..🌿ගඩුගුඩා වර්ග දෙකක් තියෙනවා.එකක් ඇඹුල්.අනික පැණි රසයි.ගඩුගුඩා කියන්නේ ටිකක් උෂ්ණ උනාට හරිම රසවත් වගේම විටමින් සී අධික ගුණවත් පළතුරක්.රුධිරයේ සීනි මට්ටම පාලනය කරන්නත්,ඇස් පෙනීම වර්ධනය කරනටත්,සම නීරෝගීව පවත්වා ගන්නටත්,පිළිකා සෛල මර්ධනය කරන්නටත්,ආහාර ජීර්ණයේදී ඇතිවන සංකූලතා අවම කරන්නටත්,ශරීරයේ ප්‍රතිශක්තිකරණය ඉහල නංවන්නටත් මේ පුංචි පළතුරට හැකියාව තියෙනවා.ඉතිං ගඩුගුඩා උෂ්ණයි කියලා නොකා ඉන්න එපා.ඕනවට වඩා කන්නත් එපා.සොබාදහමෙන් අපිට මේ හැමදේම නොමිලේ දීලා තියෙන්නේ අපේ ශරීරයට එයින් කුමක් හෝ යහපතක් වෙන නිසා කියලා මම විශ්වාස කරනවා.එහෙනම් අදට මම නවතිනවා.ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න.සොබාදහමට ආදරය කරන්න.සොබාදහමට ලංවෙන්න.🌿පරාර්ථකාමී උතුම් මිනිසෙකු ලෙස මේ දුර්ලභ මනුෂ්‍යය ජීවිතය ගතකර නිදහස් වී යන්න..♥️තෙරුවන් සරණයි...!!



ඔයාලගේ ආදරණීය පූර්ණා ♥️



 Invite all of you to Join via Poorna - The nature girl official facebook page 🤗❤





#gaduguda#villagefood#poornathenaturegirl#srilankanfood#villagegirl#villagelife#countrylife#countrygirl#villagefamily#srilankantraditionalfood#srilankanculture#srilankanvillage#countrygirl#foodintraditionalsrilanka#traditionalfoodmaking#villagesidegirl#villagerecipe#poorna#mindrelaxing#howto#cooking#foodrecipe#homemade#Meditation#mindrelaxingvideo#calm#calmvideo#cookingvideo#village#countrysidegirl#countrygirl#countrygirl#AsianVillagelife#pumpkin#pumpkinrecipe#pumpkinsoup#craft#artworks#diypotcraft#fridrice#gadugudan#villageFOODS

Похожие видео

Добавлено: 55 год.
Добавил:
  © 2019-2021
  The amazing taste in august |rambai|gaduguda| ගඩුගුඩා එක්ක වට්ටක්කා..? |Poorna - The nature girl | - RusLar.Me