
අපේ ගෙදරට උඩහින් ඉබේම පැලවුනු අලු පුහුල් වැලක් හැදිලා තිබුනා.ගිය සතියෙ මං බලද්දි,අලු පුහුල් වැලේ සේරම කොල ටික කහ පාට වෙලා.වැලත් මැරෙන්න කිට්ටුයි.ඒ කියන්නේ ගෙඩි හොදට පැහිලා කියන එකනේ..
මම දන්න තරමින් පුහුල් වලට බොහෝ දෙනා කැමති නෑ.ටිකක් දිය ගතිය නිසා වෙන්න ඇති.ඒත් පුහුල් වලින් ගොඩක් කෑම හදන්න පුලුවන්.පුහුල් කිරට කහ පාටට උයනවා.කලුවට බොරටත් උයනවා.මං හදපු විදියටත් හදලා බලන්නකෝ.බත් එක්ක විතරක් නෙවෙයි රොටි,ඉදිආප්ප වගේ දෙයක් එක්ක උනත් කන්න පුලුවන්.ඒ වගේම හාල් පොල් කබලෙ බැදලා දාගත්තම පුදුම සුවදයි..බොරුනම් හදලම බලන්නකෝ..
සාමාන්‍යයෙන් බත් එකට කොල මැල්ලුමක්,ඇඹුලට සම්බලයක් එහෙම තියෙනවානම් තමයි කෑම වේල තවත් සම්පූර්ණ වෙන්නේ.අපේ නැන්දලගේ කොටුව තියෙන්නෙ මේ කිට්ටුවමයි.උදේම ගිහින් මුකුණුවැන්න මිටියකුත් කඩාගන ආවේ මුකුණුවැන්න මැල්ලුමට තාත්තා ගොඩක් ආස නිසා වගේම පුහුල් මාලුවට මැල්ලුමක් තිබුනම තවත් රස නිසා.ගෙදරම හදමු මස් බෝල කරියත් ඒකටම හරි ගියා.තාත්තනම් ගොඩාක් ආසවෙන් කෑවා..අන්තිමට පුහුල් පලතුරු අයිස් වැඩිපුරම කෑවේ කව්ද දන්නවද?... මල්ලී..😀
පුහුල් දෝසි...මගෙ නම් ආසම රසකැවිල්ලක්..පුහුල් හිරමනෙන් ගාලත් දෝසි හදනවා.මං හදන්නේ පුහුල් කෑලි පිටින්ම කොටු කපලා අරගෙන.මං ඒකට මගේ රෝස පැල තවානෙන් කඩාගත්තු මල් පෙති දාලා රෝස සුවද පුහුල් දෝසි හදන්නයි යන්නේ.ඇත්තමයි හරිම සුවදයි..මෙහෙම හදනකොට පියවර කිහිපයක් තියෙනවා.ඒ නිසා ඔයාලට පුහුල් දෝසි කන්න වෙන්නේ ඊලග දවසේ තමයි....😍
හැමෝම පරිස්සමෙන් ඉන්න.සොබාදහමට තවත් ලංවෙන්න.උතුම් කෙනෙකු විදියට මේ පුංචි ජීවිතයට සමුදෙන්න..🌿
තෙරුවන් සරණයි..!!
ආදරණීය පූර්ණා ♥️
gătitul satului 鄉村烹飪 falusi főzés деревенская еда kənd bişirmək селско готвене landsby madlavning 村の食べ物 cucina del villaggio गाँव का खाना villa cibum φαγητό του χωριού comida del pueblo طبخ القرية
#srilankanfood #poornathenaturegirl #countryfood #wintermelonrecipe #villagecooking #villagefood #poo #villagelife #mindrelaxing #srilankangirl